භූමදාන ගැසට් එක දැන් යල් පැනලා..! ඒක ගැහුවේ කොරෝනා ගැන නොදන්න කාලේ..!

January 5, 2021 at 4:00 pm | by emanisa.lk

කොරෝනා මෘත දේ ආදාහනය දැන් පවතින නීතිය අනුව සිදුකළ යුතු බව කොරෝනා මර්දන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කරයි.

කොරෝනා ගැන කිසිවක් නොදන්නා කාලයේ දී එම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවද ඇය සඳහන් කළාය.

එම නීතිය මෙතෙක් වෙනස් වී නැති බවත් දැන්ද සිදු කරන්නේ ආදාහනය බවත් ඇය පවසයි.

නමුත් දැන් හෙලි වී ඇති විද්‍යාත්මක තොරතුරු මත කොරෝනා මෘත දේහ භූමදානය කළ හැකි බවට මත ඉදිරිප්ත වී ඇති බවත් කොරෝනා වෛරසය ජලය හරහා බෝ නොවන බවත් ඇය පවසයි.

යම් හෙයකින් මලසිරුරු හරහා ජලයට විෂබීජ එකතු විය හැකි නම් එය අවම කළ හැකි බව ද ඇය සඳහන් කරන්නීය.

කෙසේ නමුත් වතුර බිව්වා කියා කොරෝනා වැළඳෙන්නේ නැතැයිද ඇය පෙන්වා දෙයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *