භාෂා ප්‍රතිපත්තිය කැඩුවේ පබ්ලිසිටියක් ගන්න..! ඒක ඩමියක් විතරයි….! හරි එක එන්නේ පස්සේ….!

July 27, 2021 at 10:51 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජාතිය ඇමතීම සඳහා දියුණු රටවල පන්නයේ නව මාධ්‍ය මධ්‍යස්ථානයක් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායකගේ ප්‍රධානත්වයෙන් නිර්මාණය කර තිබේ.

කෙසේ වුව ද එහි පසුතලයේ සිංහල භාෂාවට පසු දෙවැනියට දෙමළ භාෂාව වෙනුවට ඉංග්‍රීසි භාෂාව යොදාගෙන තිබීම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමක් බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විවේචන එල්ල වී තිබිණි.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ඊට ප්‍රතිචාර දක්වමින් කිංස්ලි රත්නායක ප්‍රකාශ කර ඇත්තේ මෙය ඩමියක් පමණක් බවත් නිවැරදි පසුතලය එළිදක්වන්නේ ජුලි 29 වනදාට බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *