කිලීමහාරාජා මට තාත්තා වගේ….! එතුමාගේ බොහොම සමීපතමයෙක් මම…! මගේ තීන්දුව සමග සභාපතිතුමා ඉන්නවා…! – ජනාධිපති නව මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි….

May 2, 2021 at 1:42 pm | by emanisa.lk

තමා සිරස නාළිකාවෙන් ඉවත් වූයේ අතිශය පෞද්ගලික හේතුවක් නිසා බව ප්‍රවීණ මාධ්‍යවේදී ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක පවසයි.

තමා ලංකාවේ විශිෂ්ටතම මාධ්‍යවේදීන් සමඟ මෙන්ම විශිෂ්ටතම ව්‍යාපාරිකයින් සමඟ කටයුතු කළ බවත් ගත වූ කාලය පිළිබඳ තමා කිසිසේත් පසුනොතැවෙන බවත් ඔහු අවධාරණය කරයි.

තමාට මහරාජා ආයතනයේ සභාපතිවරයා සලකනුයේ පුතෙකුට මෙන් බවත් ඔහු සමඟ අත්දැකීම් ඉතාම කිට්ටුවෙන් බෙදාගත හැකි කිහිප දෙනාගෙන් කෙනෙක් තමා බවත් වර්තමාන තීන්දුව සමඟ ද එතුමා මෙන්ම සිරස ආයතනය ද සිටින බව තමා විශ්වාස කරන බවත් කිංස්ලි රත්නායක පෙන්වා දෙයි.

ඇතැම් කාලවල තමන්ට ජනතාව අතරට යාමට වැඩසටහන් නොලැබුණු බවත් එලෙස නොතකා හැරීම නිසා කලකිරීමෙන් විදෙස්ගත වීමට පවා සිතුණු බවත් ඔහු හෙළි කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස