කිංස්ලි රත්නායක ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ධූරයට….!

April 29, 2021 at 1:02 pm | by emanisa.lk

ජනාධිපතිවරයාගේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක පත්කිරීමට නියමිත බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු මෙතෙක් සේවය කළ කැපිටල් මහාරාජා ආයතනයෙන් ඊයේ (28) දිනයේ ඉවත්වීම සඳහා අස්වීමේ ලිපිය ලබා දී ඇති බව සිරස TV ආරංචි මාර්ග තහවුරු කරයි.

ඒ ඔහු අනුව ඔහු ඉදිරි දින කිහිපයේ දී සිය නව තනතුරේ වැඩ භාරගැනීමට නියමිත බව පැවසෙයි.

මීට දින කිහිපයකට පෙර ස්වර්ණවාහිනී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සුදේව හෙට්ටිආරච්චි ද සිය ධූරයෙන් ඉවත්වී ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධූරයේ වැඩබාරගනු ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස