චීන එන්නත අනුමත කළේ ශ්‍රී ලංකා ජනපති කී නිසා නෙවෙයි….! එය සම්පූර්ණ බොරුවක්…! – ලෝක සෞඛ්‍ය සංවිධානය….

May 11, 2021 at 1:56 pm | by emanisa.lk

චීනයේ සයිනොෆාම් එන්නත් හදිසි භාවිතය සඳහා අනුමත කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීමක් අනුව බවට වන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

ඩේලි මිරර් පුවත්පත විසින් කළ විමසීමකට පිළිතුරු දෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත්තේ එන්නත් ලයිස්තුගත කිරීම සංකීර්ණ ඇගයීම් ක්‍රියාවලියක් බවත් සාමාන්‍යයෙන් ක්‍රමවේදය අනුව මාස දෙක තුනක කාලයක් ගතවන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵල අනුව මෙම එන්නත අනුමත කරන ලද බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ඊයේ දිනය සඳහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් පුවත්පත විසින් සිදුකරන ලද විමසීමකදී ඔවුන් මෙම ප්‍රතිචාර දැක්වීම සිදු කර ඇත.

කෙසේ වෙතත් මෙම සියලු ම එන්නත් හදිසි භාවිතයට අවසර ලබා දී ඇත්තේ එම රටවල්වල අභිමතය අනුව මිස ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතියට යටත්ව නොවන බව ද ඔවුන් තවදුරටත් සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස