භාරතීය ජනතා පක්ෂය ලංකාවේ පිහිටුවන්න ඉඩ දෙනු….! නැත්නම් දෙමළ ප්‍රාන්තයේ අපි දිල්ලි පාර්ලිමේන්තුවට යනවා…! – ශිවාජිලිංගම්…

February 21, 2021 at 8:35 am | by emanisa.lk

ලොව පුරා කොමියුනිස්ට් පක්ෂ පිහිටු වීමට හැකි නම් ශ්‍රී ලංකාවේ භාරතීය ජනතා පක්ෂය පිහිටු වීමට නොහැකි මන්දැයි උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් විමසයි.

එම පක්ෂයේ සලකුණ වන නෙළුම් මලට පූජා වස්තුවක් නිසා ඉඩදිය නොහැකි නම් වෙනත් සලකුණක් ඉදිරිපත් කළ හැකි බවත් ඔහු සඳහන් කරයි.

ලංකාවේ බලධාරීන් ඉන්දියාවට එරෙහිව ප්‍රකාශ නොකළ යුතු බවත් අවශ්‍ය නම් ලංකාව දෙමළ ප්‍රාන්තය සහ ලංකා ප්‍රාන්තය ලෙස දෙකඩ කර ආණ්ඩුකාරවරු දෙදෙනෙකු යටතේ පාලනය කරන අතර දෙමළ ප්‍රාන්තයට දිල්ලි පාර්ලිමේන්තුවට යා හැකි බවත් ශිවාජිලිංගම් පවසයි.

ලංකාව ඉන්දියාව ඇමරිකාව වැනි රටවලට එරෙහිව නොවිය යුතු බවත් එම රටවල හමුදා උතුරු නැඟෙනහිරට පැමිණ එහි ඉඩම් අත්පත් කරගනු ඇති බවත් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඉන්දු-ලංකා ගිවිසුම අනුව ලංකාවේ කිසිම භූමියක් ඉන්දියාවේ අනුමැතිය නොමැතිව කිසිවෙකුට ලබා දිය නොහැකි බවත් උතුරේ දූපත් චීනයට ලබා දුනහොත් ඊට එරෙහිව ජනතාව සමඟ නොනවතින විරෝධතාවක් ආරම්භ කරන බවත් ශීවාජිලිංගම් වැඩි දුරටත් සඳහන් කරයි.

යාපනේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *