ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක හිමිනම හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.
බුලත්සිංහල මෝල්කාව ප්‍රදේශයේ මෙම හිමිනම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී මත් කුඩු මිලිග්‍රෑම් 40ක් සන්තකයේ තිබී ඇත.
බුලත්සිංහල ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක හිමිනමක් හොරයින් මත් කුඩුවලට ඇබ්බැහිව සිටින බවට පොලිසියට ලද තොරතුරක් අනුව ඒ සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය ජාලයේ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා අත්අඩංගුවට ගත් සැකකාර 39 හැවිරිදි හිමිනම ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව පොලිසිය පවසයි.