බොරු කයිවාරු ගහනවට වඩා පාර්ලිමේන්තුවේ ගංජා වවන එක හොඳයි…! – ඩයනා..

October 6, 2022 at 5:30 am | by emanisa.lk

රටට ඩොලර් උත්පාදනය සඳහා ආචාර්ය හර්ෂ ද සිල්වා එක යෝජනාවක් ඉදිරිපත් කර තිබේ දැයි රාජ්‍ය ඇමැතිනී ගමගේ ප්‍රශ්න කරයි.

පාර්ලිමේන්තුව අසල ඉඩම් අක්කරයක ගංජා වකා කරන ලෙස හර්ෂ ද සිල්වා කළ යෝජනාවකට පිළිතුරු දෙමින් ඩයනා ගමගේ මේ බව ප්‍රකාශ කළේ රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමිනි.

“ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ දැන් වෙලා තියෙන දේවල්වල හැටියට ඇත්තටම මට වගා කරන්න පුළුවන් නම් මේ රටට යමක් කරන්න මේකෙන් වෙනවාට වැඩිය, ඊට වඩා හොඳයි.

ඔය වගේ කෑගහපු අය කරන්නෙ මේ වගේ සංඛ්‍යාලේඛන ගේනවා. ගෙනල්ලා මේං මේං කියකිය දෙපැත්තෙ හිටගෙන කෑගගහා පෙන්නනවා. ඔය සංඛ්‍යාලේඛනවලින් මේ රටේ ජනතාවට අද කළේ මොකක්ද ?

ඔය අපි කතා කරන ආර්ථික ඔස්තාර්ලා නෙ ඔය … අද රට බංකොලොත් වුණේ ඇයි ? ඔය ආර්ථික ඔස්තාර්ලා හිටියෙ නැද්ද ගිය ආණ්ඩුවල ? ඇමතිකම් කළේ නැද්ද ? එතකොට ඇයි අද මේ තත්වයට ජනතාව පත්වුණේ ?

මේගොල්ලො මේ සංඛ්‍යාලේඛන පෙන්න පෙන්නා හිටියා. මේ රටට අද මේ සංඛ්‍යාලේඛන සත පහක වැඩක් නෑ. මේ රටේ ජනතාවට අද අප්‍රසන්නයි සංඛ්‍යාලේඛන. අද රට බංකොලොත් වෙලා තියෙන හේතුව මේකයි. මෙච්චර තමයි මේගොල්ලො පාර්ලිමේන්තුවේ කරලා තියෙන්නෙ. අදටත් කරන්නෙත් ඔච්චරයි.

මට කියන්න ඔය හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා එක යෝජනාවක් ගෙනල්ලා තියෙනවාද රටට ඩොලර් හොයන ක්‍රමයක් ගැන ? අද අපට ඕනෙ කරන්නෙ ඔය පොත්පත්ද, අපි ප්‍රායෝගික වෙන්න ඕනෙ නැද්ද මේ රට ගොඩගන්න ? අපි මේ රාමුවෙන් එළියෙ හිතන්න ඕනෙ නැද්ද ?

ඇත්තම කිව්වොත් අපි ඉන්ඩස්ට්‍රියල් මේක කරන්න ගත්තොත් ඔය පාර්ලිමේන්තුව අරගෙන වගාකරන්න ඕනෙ තමයි”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස