ට්‍රිලියන 04 ගංජා වෙළඳපොළ අල්ලන්න ඇමැති සූදානම්…! නීති ටික හදා ගත්තොත් පරම්පරා ගාණකට රට ම ගොඩ…!

September 24, 2022 at 4:15 pm | by emanisa.lk

එළැඹෙන 5 වැනිදා වන විට ඖෂධීය කංසා අපනයනයට අවශ්‍ය නීති සකස් කරදෙන ලෙස දේශීය වෛද්‍ය ඇමති සිසිර ජයකොඩි රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දෙයි.

ආයුර්වේද පනතින් පාරිසරික පනත රේගු ආඥා පනත ආදි අණ පනත් මගින් බාධා තිබෙන බැවින් එම බාධා වහා ඉවත් කරගත යුතු බව ද ඇමැති ජයකොඩි කීවේය. අවම ලෙස වසරක කාලයක මේ නීති ලිහිල් කර හෝ විදේශ විනිමය ලබා ගන්නට ඉඩ දෙන්නැයි ඔහු අදාළ අංශවලින් ඉල්ලීමක් කළේය.

පරිසරයට හානියක් නොවන ලෙස මේ කටයුතු සිදු වබව නියාමනය කළ හැකියැය ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය. ඔහු මෙම කරණා පැවසුවේ සංචාරක, සෞඛ්‍ය, නීති, රේගු පරිසර ඇතුළු ආයුර්වේද නිෂ්පාදන වගාකිරීම අපනයනයට සම්බන්ධ සියලු රාජ්‍ය නිලධාරීන් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදීය.

ලෝකයේ ට්‍රිලියන 04කට වඩා ඖෂධීය කංසාවලට ඉල්ලුමක් තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියයි. ආයුර්වේද ක්‍ෂේත්‍රයට යොදා ගැනීම හා අපනයනය පදනම් කර ගනිමින් පමණක් අරමුණු කරගෙන කංසා වගාව හා නිෂ්පාදන අපනයනයට නෛතික කරුණු සම්පාදනය කඩිනමින් සිදු වන බව රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

මේ පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා පැවැත්වූ බවද ඔහු පැවසීය. අවශ්‍ය වන අයුරින් ආයුර්වේද පනත සංශෝධනය හා නීති සංග්‍රහය සංශෝධනය කෙරෙන බව ද හෙතෙම සඳහන් කළේය.

මේ සතිය අවසන් වනවිට මීට අදාළ නීති සංග්‍රහය සකස් කර දෙනු ඇතැයි තමන් හුදෙක්ම බලා පොරොත්තු වන බව කී රාජ්‍ය ඇමැතිවරයා මෙම විධි විධාන සකස් කිරීමෙන් පමණක් රටට මේ ඩොලර් ගෙනෙන මෙහෙයුම තමන්ට ක්‍රියාත්මක කළ හැකි බව පැවසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන මහතා මෙන්ම පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *