බොරැල්ලේ OIC යටකළ පොලිස් ලොක්කගේ දුවත් රිය අනතුරක! නන්දා ට්‍රේඩර්ස් වාහන රැසකට හානී!

November 16, 2020 at 9:41 am | by emanisa.lk

බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දියණිය ධාවනය කළ අති සුඛෝපභෝගී රියක් කොළඹ 7, කුරුඳුවත්ත ප්‍රදේශයේ නන්දා ට්‍රේඩර්ස් වාහන අලෙවි සැලට කඩා වැදී ඇත.

ඇයට රියදුරු බලපත්‍රයක් පවා නැතැයි පරීක්ෂණවල දී හෙළිවී තිබේ. ඉන් නෙළුම් පොකුණ අසල පිහිටි එම වෙළෙඳ මෙන් ම එහි ප්‍රදර්ශනයට තබා තිබූ වාහන සඳහා ද බරපතළ අලාභහානි සිදුවී ඇත.

මෙම තරුණියගේ සොයුරා 2019 මාර්තු 9 වැනිදා නොසැලකිලිමත් අයුරින් රිය ධාවනය කිරීමෙන් සිදු වූ අනතුරකින් එවකට බොරැල්ල පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපතිගේ ජීවිතය අහිමි වී ඇති බව ද පොලිසිය පවසයි. ඉදිරි විමර්ශන කුරුඳුවත්ත පොලිසිය සිදුකරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස