ඩිෆෙන්ඩරයේ හැපුණු බොරැල්ල රථ වාහන OIC මිය යයි!

March 10, 2019 at 7:22 am | by admin

බම්බලපිටියේදී රිය අනතුරකට මුහුණ දීම හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මියගොස් ඇත.

යතුරුපැදියකින් කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත ගමන් කරමින් සිටි බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා පෙබරවාරි මස 24 අලුයම 4.35ට පමණ බම්බලපිටිය ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව තිබුණි.

අනතුරෙන් ස්ථානාධිපතිවරයා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණ අතර, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ රාත්‍රියේ මිය ගියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *