බේබදු රියදුරෙක් බොරැල්ල OIC මරා දමා මසක් ගෙවුණේ නෑ! ශ්‍රීි ලංකා ක්‍රිකට් නායකයා බොරැල්ලේ දීම බීලා හැපෙයි! දැඩී තීන්දු කතා යටගොස් ඇපැත් ලැබෙයි!!

March 31, 2019 at 12:59 pm | by admin

බිමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරිමේ වරදට පොලිස් අත්අඩංගුවට පත් වූ ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත මුදා හැර ඇත.

බොරැල්ල, කිංන්සි හොර්ටන් පෙදෙසේ දී අද (31) අලුයම 5.15 පමණ සිදූ වූ මෙම රිය අනතුර සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

දිමුත් කරුණාරත්න පැදවු කාර් රථය ත්‍රිරෝද රථයක ගැටි ඇති අතර අනතුරෙන් එම ත්‍රිරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණි.

කාර් රථයේ රියදුරු වූ දිමුත් කරුණාරත්න ඒ අවස්ථාවේ බීමත්ව සිට ඇති නිසා ඔහුව එම අවස්ථාවේදි පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනිම සිදු විය.

බොරැල්ල පොලිස් ස්ථානාධිපතිරවරයා බම්බලපිටිය ප්‍රදේශයේ දී අනතුරට පත්වීමත් සමග බීමත් රියදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක වන බව පැවසුව ද එය වචනවලට සීමා වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *