බෙදුම්වාදීන් නළවන්න ආණ්ඩුව සූදානම් නෑ! යාපනය විශ්වවිද්‍යාලයේ කොටි සැමරුම් බුල් ඩෝසර් කරයි…!

January 8, 2021 at 11:11 pm | by emanisa.lk

යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ මුල්ලිවයික්කාල් කොටි සැමරුම් සියල්ල බුල් ඩෝසර් යොදා ඉවත් කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් කටයුතු කරමින් ඇතැයි ටැමිල් ගාර්ඩියන් වාර්තා කරයි.

මෙම සැමරුම් ස්මාරක යහපාලන ආණ්ඩුව සමයේ ඉදිකළ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම එය ඉදිකිරීම තහනම් කළ ද ආණ්ඩුව එය නතර කිරීමට කටයුතු කළේ නැත.

මෙම ස්මාරකය 2019 පෙබරවාරි මස ශිෂ්‍ය කණ්ඩායම් විසින් බලහත්කාරයෙන් විවෘත කරන ලදි.

පහුගිය පාලන සමයේ යාපනය විශ්වවිද්‍යාලයේ කළුකොටි සැමරුම් පවා පැවති අතර වර්තමාන ආණ්ඩුව එම සියලු සැමරුම් සම්පූර්ණයෙන් තහනම් කිරීමට ද කටයුතු කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස