බුවනෙකබා රාජසභා මණ්ඩපය විනාශ කළ අයට දඬුවම් කළ යුතුයි! – ගම්මන්පිළ

July 19, 2020 at 10:44 am | by emanisa.lk

කුරුණෑගල නගරය මැද පිහිටි 2 වන බුවනෙකබාහු රාජසභා මණ්ඩපය කඩා විනාශ කළ අයට තරාතිරම නොබලා දඬුවම් කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

‘දෙවන බුවනෙකබාහු රජතුමාගේ රාජ සභා මණ්ඩපය විනාශ කළ අයට තරාතිරම නොබලා දඩුවම් කළ යුතුය. එය විනාශ කර නැති බවට නගරාධිපති පවසන බැවින් විද්වත් කමිටු වාර්තාව කඩිනමින් නිකුත් වන තෙක් අපි ඉවසීමෙන් බලා සිටිමු.’

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *