බුදුදහමේ අරටුව වන ත්‍රිපිටකය අනතුරේ….! රැකගන්න ත්‍රිපිටක සංරක්ෂිත පනතක්….!

March 31, 2021 at 10:04 am | by emanisa.lk

ත්‍රිපිටක සංරක්ෂිත පනතක් ඉතා ඉක්මණින් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

අනාගත පරම්පරාව වෙනුවෙන් ත්‍රිපිටකය ආරක්ෂාකර තැබීම සඳහා මෙම පනත සම්මත කර ගන්නා බව ද එම අමාත්‍යංශය කියයි.

ථේරවාදී බුදු දහමේ ඉගැන්වීම් එකතුව ත්‍රිපිටකය ලෙස හැඳින්වෙන අතර බුදුරජාණන් වහස්සේගේ දේශනා සහ සිද්ධාන්තයන් ඒ අයුරින්ම ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රි.පු. 80 දී පමණ රජරට රජකළ බළගම්බා රජතුමාගේ රාජ්‍ය සමයේ දී මාතලේ අලුවිහාරයේ දී රහතන් වහස්සේලා විසින් පළමුවරට ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කර තිබේ.

1956 වසරේ 2500 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සැමරීම නිමිතිකොට ගෙන ත්‍රිපිටකය සිංහල භාෂා පරිවර්තන සහිතව මුද්‍රණය කර තිබේ. ඉකුත් 2019 පෙබරවාරි මස 7 වැනි දින ගැසට් නිවේදනයක් මගින් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට ද පත් කෙරෙිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස