චම්පක රජ කරවන්න බුදු දහම මහණකම අවභාවිත නොකරනු! ත්‍රිපිටකධාරී භික්ෂූන් දාහක් සමග කාල්ටන් බණ ගැන සංවාදයකට වඩිනු! සැබෑ බුදු දහම දැනගන්න මගේ ශිෂ්‍ය තනතුරට පැමිණෙනු! – තිත්තගල්ලේ හිමිගෙන් සෝභිත හිමිට අභියෝගයක්…

December 25, 2020 at 4:43 pm | by emanisa.lk

ඕමල්පේ සෝභිත හිමි නඩු පවරා ඇත්තේ වසර එකහමාරකට පමණ පෙර කාල්ටන් නිවසේ දී තිත්තගල්ලේ ආනන්දසිරි හිමි සිදුකළ ධර්මදේශනාවක් සංසකරණය කර විකෘති කර ප්‍රචාරය කරමින් බව විශ්ව දහම් සංගායනාව සංවිධානය මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ ය.

අදාළ ධර්ම දේශනාව පිළිබඳ සම්පූර්ණ වගකීම තමන් වහන්සේ භාරගන්නා බව සඳහන් කළ තිත්තගල්ලේ ආනන්දසිරි හිමි අවධාරණය කළේ ඕමල්පේ සෝභිත හිමි එල්ල කළ සියලු චෝදනා තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

එම ධර්ම දේශනාව අසා තරුණයකු පැමිණ තමන් යටතේ මහණ වූ බවත් තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් බුදු දහම සහ බුදුන් දවස භාරතීය සමාජය පිළිබඳ ගැඹුරු සාකච්ඡාවකට එළඹ ඇති බවත් එහිමියන් සඳහන් කරයි.

සෝභිත හිමි මේ සියල්ල කරන්නේ 2025 හෝ 2030 පාඨලී චම්පක මේ රටේ ජනාධිපති කිරීමේ සිහිනයක් වෙනුවෙන් බවට තිත්තගල්ලේ හිමි අනාවරණයක් කළේ ය. මෙම නඩු පැවරීමේ අරමුණ නාමල් රාජපක්ෂට පහර දීම බව පැවසූ එහිමියන් මේ පිටුපස සිටින්නේ පාඨලී චම්පක බව ද කීවේ ය.

තම දේශනාව පිළිබඳ ත්‍රිපිටකධාරී භික්ෂූන් වහන්සේලා 500-1000ක් වුව රැගෙන සංවාදයකට එන ලෙස සෝභිත හිමිට තමා ආරාධනා කළ බවත් ත්‍රිපිටකය අටුවා ටිකා ටිප්පනි ඇසුරින් බුද්ධ කාලීන භාරත සමාජය පිළිබඳ තමන් සිදුකළ දේශනය නිවැරදි බව සනාථ කිරීමට තමා තනිවම ඊට සහභාගී වන බවත් සඳහන් කළේ ය.

අවුරුදු 40ක් සිවුරේ සිට පිංබත් ගිලිමින් බුදුන් එපා කී දේශපාලනය කළ සෝභිත හිමි දැන් මරණ බයෙන් සිටින බවත් එම බිය දුරු කරගන්නට තමන්ගේ සිසුවෙකු ලෙස පැමිණ දහම් අසන ලෙස සෝභිත හිමිට තමන් ආරාධනා කළ බවත් තිත්තගල්ලේ හිමි පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස