බුද්ධි අංශ ලොක්කගේ ජොබ් එක law college යන මුස්ලිම් ළමයි ගැන හෙවීම නෙමෙයි! මත්කුඩුකාරයෝ සහ අපරාධකාරයෝ ඇල්ලීමයි! – මංගලගෙන් පොලිස්පතිට උපදෙස්

July 30, 2020 at 10:42 pm | by emanisa.lk

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධනගේ රැකියාවේ වගකීම කුමක් දැයි පොලිස්පතිවරයා ඔහුට පැහැදිලි කර දිය යුතු යැයි හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

බුද්ධි අංශ ප්‍රධානියාගේ වගකීම නීති විද්‍යාල ප්‍රවේශය ලබන සිසුන්ගේ ජනවාර්ගිකත්වය සෙවීම නොව රටේ මර්මස්ථාන අල්ලා ගෙන සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සෙස අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒම බව ඔහු පවසයි.

සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් මංගල සමරවීර මේ බව පවසා තිබේ. පසුගියදා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කමිටුව වෙත ගිය හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් 2012-2013 සමයේ නීති විද්‍යාල පිවිසුම් වරම් ලද මුස්ලිම් සිසුන්ගේ අසාමන්‍ය වර්ධනයක් නිරීක්ෂණය කළ බව අනාරවරණය කිරීම සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය නිකුත් කර තිබේ. එකල අධිකරණ අමාත්‍ය ධුරය දැරුවේ මංගල සමරවීර ද එකතු වී පිහිටුවා ගත් සමගි ජන බලවේගයේ නායකයෙකු වන රවුෆ් හකීම්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස