බුද්ධි අංශ තේරුම් ගන්න පුළුවන් පරිණත පාර්ලිමේන්තුවක් රටට ඕන…! – ආරක්ෂක රාජ්‍ය ඇමැති…

September 23, 2023 at 10:29 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරය මේ රටට එන අවසන් ප්‍රහාරය නොව ඉදිරියේ දී තවත් ප්‍රහාර එල්ල විය හැකි බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

අන්තවාදී බෙදුම්වාදී හැඟීමෙන් කටයුතු කරන පිරිස් රට තුළ මෙන් ම රටින් පිට ද ඇතැයි ඇමැතිවරයා පෙන්වා දෙයි.

ඒ නිසා බුද්ධි අංශ දිවා රෑ නොබලා ජාතික ආරක්ෂාව උදෙසා කටයුතු කරමින් ඇති බවයි, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

පාස්කු ප්‍රහාරයට සමග කරළියට පැමිණි සොනික් යනු පාස්කු ත්‍රස්ත කල්ලිය තුළට සූක්ෂ්ම ලෙස රිංගා තොරතුරු ලබා රටේ බුද්ධි අංශ නිලධාරියෙකු බව ද හෙතෙම කීය.

ඔහු ත්‍රස්තවාදීන් සමග කටයුතු කළේ ත්‍රස්තයෙකු ලෙස මිස පොලිස්කාරයෙකු ලෙස නොවන බවත් එය තේරුම්ගත හැකි තරම් පරිණත පාර්ලිමේන්තුවක් රටට අවශ්‍ය බවත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අවධාරණය කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *