බැසිල් රටට නායකත්වය දෙන්න සූදානම්..! ද්විත්ව පුරවැසිකම අතහරී…!

June 26, 2022 at 9:53 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය ද්විත්ව පුරවැසිභාවයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයෙක් ද මේ බව තහවුරු කර තිබේ.

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දැරිය නොහැකි වන විධිවිධාන ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය කැබිනට්ටුවට ඉදිරිපත් කිරීමට තීන්දු කිරීමත් සමඟ බැසිල් රාජපක්ෂ තමන් දැරූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ද ඉවත් විය.

එහෙත් ඉන් අනතුරුව සිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහ ප්‍රාදේශීය සංවිධායකවරුන් සමඟ කරන ලද දීර්ඝ සාකච්ඡාවකින් පසුව බැසිල් රාජපක්ෂ ද්විත්ව පුරවැසිභාවයෙන් ඉවත්ව තව දුරටත් මෙරට දේශපාලනයේ නිරතවීමට තීන්දු කර ඇති බව පොහොට්ටු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *