බැසිල් ජනාධිපති ඡන්දෙට සූදානම්…!

July 12, 2022 at 11:18 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ නව ජනාධිපතිවරයා තෝරන තරඟයට ඉදිරිපත් වීමට සූදානම් බව වාර්තා වෙයි.

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් අනතුරුව එළඹෙන 20 වෙනිදා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ඡන්දය පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමට සූදානම් වන ප්‍රබල රටවල් කිහිපයක ඉල්ලීම මත බැසිල් රාජපක්ෂ ඒ සඳහා ඉදිරිපත් වන බව වැඩි දුරටත් අනාවරණය වෙයි.

කෙසේ වුව ද ඔහු මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවන අතර ධමමික පෙරේරා පත්වන්නේ බැසිල් රජෙපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුනටය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *