බැසිල් ජනතා මුදලින් IMF යනව කියල දරු මුනුබුරෝ බලන්න යනවා…! – හේෂා…

March 13, 2022 at 6:49 am | by emanisa.lk

ජනතාව අතිශය පීඩාවට පත්ව සිටින මොහොතක ජනතාවගේම මුදලින් ඇමැති බැසිල් රාජපක්ෂ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන මුවාවෙන් තමන්ගේ ගම රට බලා යාමට උත්සහයක් පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (12) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

රටේ ආර්ථික අර්බුදය විසඳන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමේ අවශ්‍යතාව තිබුණා නම් මීට පෙරම එය සිදු කිරීමට ඉඩ තිබුණු බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

”හදිසියේ තකහනියක් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා අප්‍රේල් මාසේ 11 වැනිදා IMF එකට යනවා කියල තීන්දු කරලා තියෙනවා. මේක මම හිතනවා හරියට බලන්න ඕනේ. මේ රටේ මිනිස්සුන්ට දැන් අවුරුදු තුන හතරක් තිස්සේ තමන්ගේ සිංහල අවුරුදු චාරිත්‍ර ටිකවත් ඉටුකරගන්න බැරි වුණා කොරෝනා වසංගත,මේ ආර්ථික අර්බුද කියන කාරණාත් එක්ක.

හැබැයි මේ බැසිල් රාජපක්ෂ උන්නැහේ IMF කතාවක් කරළියට ගෙනල්ලා හිමින් සැරේ තමන්ගේ දරුවෝ ටිකත් එක්ක කිරිබත් කන්න ඇමරිකාවට යනවා කියන එක කාටවත් බැහැර කරන්න බැහැ. මේ යන්නේ බැසිල් රාජපක්ෂ මේ රටේ ආර්ථික ප්‍රශ්නවලට උත්තර හොයන්න නෙවෙයි මේ හිඟා කන ආර්ථිකයක් තියෙන රටේ ඩොලර් ටික අරගෙන ඇවිල්ලා රාජකාරී ගමනක් විදිහට පෙන්නල අපේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් තමන්ගේ ළමයි එක්ක අවුරුදු කන්න යන ගමනක්.

අපි කියනවා රාජපක්ෂ මහත්තයෝ කරුණාකරලා මේ කාඩ වැඩේ නවත්වන්න. IMF යන්න අවශ්‍යතාව තිබුණා නම් මීට පෙර යන්න තිබුණා. දැන් මේ අවුරුද්දට ගම බලා යන්න,තමන්ගේ රට බලා පැනගන්න හදපු තවත් උප්පරවැට්ටියක්. මේ රටේ බත් කන හරක් නෑ කියන කාරණාව රාජපක්ෂලාට මතක් කරන්න ඕනේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස