බැසිල් ගෝඨාභයටත් වඩා ජන දුක අඳුනනවා…! නායකත්වයට ගෝඨාට වඩා සුදුසු බැසිල්..! – කුට්ටිආරච්චි….

March 26, 2022 at 9:21 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දේශපාලන අත්දැකීම් අඩු නායකයෙක් බවත් බැසිල් රාජපක්ෂ යනු රටේ මහ ජනතාවගේ දුක දන්නා ජනතාවාදී නායකයෙක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසයි.

ගෝඨාභය රාජපක්ෂට වඩා දේශපාලනිකව ඉදිරියෙන් සිටින බැවින් රටේ නායකත්වයට සුදුසු ම පුද්ගලයා බැසිල් රාජපක්ෂ බව ද හෙතෙම සදහන් කරයි.

අද වන විට බැසිල් රාජපක්ෂ දැවැන්ත පීඩනයකින් සිටින බව පෙන්වා දෙන තිස්ස කුට්ටිආරච්චි, කැබිනට් ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් බිල්ලට දී ජනතාවගෙන් ඇඟ බේරා ගැනීමේ ක්‍රියාවලියක නිරත වන බවත් එම හේතුවෙන් තමා දැඩි කලකිරීමකින් පසුවන බවත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *