ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුට පැමිණීම පිළිබඳ ශ්රීලනිපය භේදභින්න වී ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උප සභාපති, අමාත්‍ය මහින්ද අමරවීර, ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටිති.
ශ්‍රීලනිප මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, රෝහණ ලක්ෂ්මන් පියදාස ඊට එරෙහි පාර්ශ්වය නියෝජනය කරන බව දැනගන්නට තිබේ. දයාසිරි ජයසේකරට කැබිනට් ඇමැති ධූරයක් ලබා නොදීම නිසා ද රෝහණ ලක්ෂ්මන් පියදාස ශ්‍රීලනිපයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සුරේන් රාඝවන්ට ලබා දීම නිසා ද බැසිල් රාජපක්ෂ සමඟ උරණ වී ඇතැයි කියති.
මේ අතර පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන සහ ජ්‍යේෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා නිහඬ ස්ථාවරයක සිටින බව වාර්තා වෙයි.