“කෙටිකාලීන අර්බුදය විසඳා ගැනීමට ඉන්දියාවෙි සහාය ගන්නා අතරම, මධ්‍යකාලීන අර්බුදය විසඳීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම ද, දිගුකාලීන අර්බුදය විසඳීමට, මෙරට අපනයන ආර්ථිකය හා විදේශ ආයෝජන ඉහළ නැංවීම ද යන පියවර තුන ඉතා දක්ෂ ලෙස පෙළගැස්වීමට බැසිල් රාජපක්ෂට හැකිව තිබුණි”
නව මහබැංකු අධිපතිවරයා විසින් ඊයේ කරන ලද ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ වත්මන් අර්බුදයට විසඳම සුවිචයක් ක්‍රියා කරවීම අක්‍රිය කිරීම වැනි කටයුත්තක් නොවන බවයි. එය දැඩි මූල්‍ය විනයක් පවත්වාගෙන යන අතර ම ජනතාවගේ මූලික අවශ්‍යතා දෙස ද බලමින් ඒ දෙකම සමතුලිත ව පවත්වා ගැනීම පිළිබඳ ප්‍රශ්නයකි. වෙනත් අයුරකින් කිවහොත් මේ අර්බුදය තුළ මැජික් විසඳුම් නොතිබෙනවා පමණක් නොව, ඒවා අපේක්ෂා කළ යුතු ද නැති බවයි.
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, ඉහත මූල්‍ය විනය මෙන් ම, ජනතාවගේ මූලික අපේක්ෂා ද සමතුලිත කරගනිමින් ප්‍රශ්නය විසඳීමට ප්‍රායෝගික විසඳුම් ගනිමින් සිටියේ මේ නිසාය. ඊට කාලය අවශ්‍ය වේ. විස්වසනීය ජාත්‍යන්තර මිතුරන් ද අවශ්‍ය වේ. බැසිල් රාජපක්ෂ මුලින් ම කළේ අපට උදව් කළ හැකි කුමන රටද යන්න ගැන තීරණයක් ගැනීමයි. එහි දී රටවල් දෙකක් අපගේ සිතට නැගුණේ ය.
එක ඉන්දියාව වන අතර දෙක චීනයයි. එහෙත් මේ රටවල් දෙකම විවිධ හේතු මත අප සමග හොඳ හිතක තිබුණේ නැත. උතුරේ දූපත් තුනක පුනර්ජනනීය විදුලි බලාගාර ව්‍යාපෘතිය අවලංගු වීම නිසා චීනයද, නැගෙනහිර ජැටිය අවලංගු වීම නිසා ඉන්දියාවද අප සමග උරණ වී සිටියේය. මෙි අවස්ථාවේ දී උදව් කිරීමට නම් උතුරේ බලාගාර තමාට අවශ්‍ය බව චීනය කියා ඇත. එහෙත් ඉන්දියාව එකහෙළා ම ඊට විරුද්ධ අතර, ඔවුන් කියන්නේ ආසියාවේ යුක්‍රේනය බවට ලංකාව පත්නොවිය යුතු බවයි. ඉන්දියාව උරණ කරගෙන අපට කිසිදු ඉදිරි ගමනක් නොවන බව ජාත්‍යන්තර දේශපාලනය දන්නා අය එකඟ වෙති. එසේ නම් මෙහි දී අප සහාය ගතහැකි හා යුතු රට වන්නේ ඉන්දියාවයි.
සබඳතාවල බිංදුවේ සිට ඉන්දියාව සමග බැසිල් සාකච්ඡා ආරම්භ කරන්නේ මේ අනුවයි. එහෙත් ඉන්දියාවට ලංකාව ගැන සත පහක විස්වාසයක් තිබුණේ නැත. නැගෙනහිර ජැටි ප්‍රශ්නය පාදක කරගෙන ඔවුන් අපව දමා තිබුණේ ජාත්‍යන්තර ගිවිසුම්වලට පවා ගෞරව නොකර රටක් ගාණටය. ඒ තරම් පහළ අඩියකට අප දමා තිබුණි. අපට වාර්තා වී ඇති පරිදි මිලින්ද මොරගොඩ ගැන පවා ඉන්දියාවට තිබුණේ සැකයකි. ඔහු ඇමරිකානු හිතවාදියෙකු බවට ඉන්දියානු විස්වාසය ඊට හේතුවයි.
වත්මන් ඉන්දියානු පාලනය ඇමරිකානු හිතවාදී එකක් නොවීම අප සැලකිල්ලට ගත යුතුය. මෝදි අගමැතිවරයාට ඇමරිකාවට යාමට වීසා නිකුත් කිරීම පවා සිදුවන්නේ ඔහු අගමැති වූ පසු බව අප මතක තබාගත යුතුය. ඒ අනුව, මෙම ප්‍රශ්නය අප හිතනවාට වඩා අතිශයින් සංකීර්ණය, ගැඹුරු ය. ඒ කෙසේ වෙතත්, දැඩි රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක් ඔස්සේ ඉන්දියාව නැවත මිතුරු කරගැනීමට බැසිල් රාජපක්ෂ මහතාට හැකිවිය. මහා මූල්‍ය අර්බුදය විසඳන තුරු අප හුස්ම ගන්නේ ඒ ගොඩනගාගත් නව මිතුරුදම නිසා නොවන්නේ ද?
ඩොලර් බිලියන දෙක ඉක්ම වූ දැවැන්ත මුදලක් ඉතා කෙටි කාලයක් තුළ කිසිදු කොන්දේසියක් නොමැතිව අපට ලැබෙන්නේ ද, ඒ හරහා ඉන්ධන ටිකේ සිට අත්‍යාවශ්‍ය ආහාර හා ඖෂධ දක්වා ලංකාවට එන්නේ කෙසේ ද යන්න ගැන ද අපට දැන් අදහසක් තිබිය යුතුය.
බැසිල් රාජපක්ෂ මහතා තම අයවැය කතාවේ දී ද, ඊට පසු විවිධ අවස්ථාවල පාර්ලිමේන්තුවෙි දී, අවසන් වශයෙන් ඔහු ඉල්ලා අස්වීම දෙනු ලැබූ පසුගිය සතියේ කැබිනට්ටුවේ දී ද, ශපථ කර ප්‍රකාශ කළේ, තමා ගැන විස්වාස කරන ලෙසත්, මෙම ප්‍රශ්නය සඳහා කෙටිකාලීන මධ්‍යකාලීන හා දිගුකාලීන විසඳුම් තමා සතුව ඇති බවත්ය. ඔහු නොකියා කීවේ තමාට මෙම වගකීම පවරන ලෙසය. ඒ ගැන විස්වාසය තබන ලෙසය. එය ලෙහෙසි පහසු සහතිකයක් නොවේ. මෙවන් දැඩි ව්‍යාකුල අවස්ථාවක එවන් සහතිකයක් දිය හැකි අන් අයෙකු සිටීදැයි මම නොදනිමි.
කෙටිකාලීන අර්බුදය විසඳා ගැනීමට ඉන්දියාවෙි සහාය ගන්නා අතරම, මධ්‍යකාලීන අර්බුදය විසඳීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම ද, දිගුකාලීන අර්බුදය විසඳීමට, මෙරට අපනයන ආර්ථිකය හා විදේශ ආයෝජන ඉහළ නැංවීම ද ඉතා දක්ෂ ලෙස පෙළ ගස්වා තිබුණි.
මේ අතර, බැසිල් රාජපක්ෂ චීන තානාපතිවරයා සමග මීට දෙසතියකට පෙර පැවති අවසන් සාකච්ඡාවේ දී, ඩොලර් බිලියන 2.5ක සහන ණයක් දීමට ද එකඟතිව පළවිය. ඉන් එක් බිලියනයක් ඔවුන්ගේ ම ණය පියවීම සඳහා මෙන් ම, ඉතිරිය ඇඟළුම් ඇතුළු සෙසු කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ගෙන්වීම සඳහාය. ඒ සියල්ල එසේ තිබිය දී, එවන් වගකීමක් ගැනීමට සූදානම් පුද්ගලයා එකී වගකීමෙන් නිදහස් කිරීම කුමන ප්‍රඥාවකින් ගත් තීරණයක් දැයි නොදනිමි.
බැසිල් රාජපක්ෂ මහතා ඉහත සහතිය දෙන්නේ මහ බැංකුව හා එහි හිටපු අධිපතිවරයා ඔහුගේ ක්‍රියාමාර්ග සියල්ලට ම පාහේ බාධා කරමින් සිටි පසුබිමක වීම ද අප සැලකිල්ලට ගත යුතුය. මා හිතවත් කබ්රාල් මහතා, මහබැංකුව ගත් දින සිට ම කළේ මුදල් අමාත්‍යාංශය පසෙකට දමා තීන්දු තීරණ ගැනීමයි. ඔහුගේ සයමාසික මාර්ග සිතියමේ සිට රුපියල පා කිරීම දක්වා එය එසේ සිදුවිය. IMF වෙත යාමට තිබූ සියලු අවස්ථා අවහිර කළේ ද මේ ඔස්සේ ය. තත්වය කොතරම් දරුණු වූයේ ද කිවහොත්, මුදල් අමාත්‍යාංශය සමග සහයෝගයෙන් වැඩ කරන ලෙස ඉල්ලා සිටීමට පවා IMF ආයතනයට සිදුවිය.
එය මෑතක නිකුත් වූ වාර්තාවෙි පවා සඳහන් කිරීමට ඔවුන්ට සිදුවිය. මෙි අතර, හිතුමතේ රුපියල අල්ලාගෙන සිටීමට මෙන් ම පසුව හිතුමතේ පා කිරීමට ද මහබැංකුව වගකිව යුතුය. කැබිනට් මණ්ඩලය විසින් විදෙස් ශ්‍රමිකයන් සඳහා අමතර ගෙවීමක් ලෙස රුපියල් 37ක් අනුමත කරන දිනම රුපියල පා කිරීම ගැන සිතන්න. රුපියල පා කිරීම කළ යුතුව තිබුණි. එහෙත් ඒ මූල්‍ය පද්ධතිය තුළ අවශ්‍ය පසුබිම සැකසීමෙන් පසුවය. දැඩි උද්ධමනකාරි පරිසරයක් නිර්මාණය වන්නේ ඒ අනුවයි. ඒ හැර ඉන් සිදු වූ යහපතක් නැත.
මේ සියළු බාහිර හා අභ්‍යන්තර සතුරන් සමග ද සටන් කරමින් බැසිල් රාජපක්ෂ මහතා, මේ අර්බුදය විසඳීමෙි වගකීම ගැනීම හරහා පෙන්නුම් කරක්නේ ඔහුට ඒ සඳහා තිබූ ආත්ම විස්වාසය කොතරම් ශක්තිමත් ද යන්නයි. එහෙත් ඒ ඉවසීම අපට නොමැතිවීම කොතරම් අභාග්‍යයක්ද?
මහින්ද පතිරණ