මහින්ද නැවතත් පෙරට එයි…! අර්බුදය විසඳන තැනට වැඩ..! භාරකාර ආණ්ඩුවක් හෙට…!..

April 3, 2022 at 6:04 pm | by emanisa.lk

පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය විසඳීම සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එකඟ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු ම පක්ෂවල සහභාගීත්වයෙන් අන්තර්වාර භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ කුඩා පක්ෂ සන්ධානය විසිනි.

අද දිනයේදී විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර හා ටිරාන් අලස් අග්‍රාමාත්‍යවරයා හමු වී සාකච්ඡා කර ඇති අතර ඊට අග්‍රාමාත්‍යවරයා එකඟ වී ඇති බව සඳහන් ය.

ඒ අනුව බොහෝ දුරට හෙට (04) හෝ අනිද්දා (05) වනවිට අලුත් කැබිනට් මණ්ඩලයක් සහිතව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ඇත.

මෙම ආණ්ඩුවේ ප්‍රබල තනතුරක් ඩලස් අලහප්පෙරුමට හිමි වීමට නියමිත අතර බැසිල් රාජපක්ෂට කිසිදු තනතුරක් ලබා නොදීමට ඉඩ ඇතැයි ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *