ආණ්ඩුවෙන් නැවතත් ජනතාවට සහන මල්ලක්! පරිප්පු, ටින් මාළු, බී ලූණු සහ සීනි අඩු මිලට!

October 14, 2020 at 8:55 am | by emanisa.lk

වත්මන් ජිවන වියදම සහ කොවිඩ් වෛරසය ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය විසින් ආනයනික භාණ්ඩ රැසක ආනයනික බදු ඉවත්කර ඇත.

මේ අනුව පරිප්පු, ටින් මාළු, බී ලූණු සහ සීනි යන අත්‍යවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු බර ඉවත් කර ඇත.

එම බදු ඉවත් කිරීම නිසා අද රාත්‍රියේ සිට ටින් මාළු (ලොකු) රුපියල් 200කට සහ බී ලූණු කිලෝවක මිල රුපියල් 100කට සහ සීනි කිලෝවක මිල රුපියල් 85කට මිල දී ගැනීමට හැකි වනු ඇත.

මේ අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළුව රුපියල් 500කට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ සතොසෙන් මිලදී ගැනීමේදී පරිප්පු කිලෝව රුපියල් 150ක මිලට ලබාගැනීමට හැකියාව පවතියි.

පොල් සංවර්ධන මණ්ඩලය, කුරුණෑගල වැවිලි සමාගම සහ හලාවත වැවිලි සමාගම කොළඹ නගරයට පොල් සැපයුම වැඩි කර ඇත.

එබැවින් පාරිභෝගිකයාට සතොස අලෙවි සැල්වලින් සාධාරණ මිලකට පොල් ලබා ගැනීමේ අවස්ථාව සැලසෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස