බස් දෙක තුනක් ගිනි තිබ්බට මිරිහාන වගේ විරෝධතා රටට ඉතා ම අවශ්‍යයයි..! – ආචාර්ය නිර්මාල්..

April 2, 2022 at 8:51 am | by emanisa.lk

මැතිවරණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත්නම් මිස, මැතිවරණ හරහා මිස මහජන උද්ඝෝෂණ හෝ සන්නද්ධ අරගල මගින් ආණ්ඩු පෙරළීම නොකළ යුතුය.

මහජන උද්ඝෝෂණ පවතින්නේ ජනයාගේ හැගීම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම සදහාය. මෙවැනි අර්බුදකාරී වාතාවරණයක් තුළ ජනතාව එවැනි ක්‍රියාකාරකම්වල නිරත වීම අතිශයින් වැදගත්ය.

බලය අපේක්ෂා කරන පිරිස් විසින් සංවිධානය කරනු ලබන සංවිධිත උද්ඝෝෂණවලට වඩා ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් වැදගත් වන්නේ ඊයේ මිරිහානේ ඇති වූ ඒවා වැනි උද්ඝෝෂණයි.

ඒවා ආසන්න වශයෙන් වාසිදායක වන්නේ බලය ගැනීමට ආසන්න වශයෙන් සූදානමින් සිටින අයටයි. එය අවාසියක් වුවද මෙවැනි උද්ඝෝෂණ ජනයාගේ දේශපාලන විඥානය ඉහළ දැමීම පැත්තෙන් ගත් කල දීර්ඝකාලීන වශයෙන් වැදගත්ය.

ඒවාගේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවීම අවාසියක් වුව ද, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගෙවීමට සිදුවන මිල එයයි. බස් එකක් දෙකක් ගිනි ගැනීමට වඩා එවැනි උද්ඝෝෂණ මගින් පුබුදුවනු ලබන මහජන දේශපාලන විඥානය තීව්‍ර වීම අතිශයින් ප්‍රයෝජනවත්ය.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස