බස්නාහිර ලොක්ඩවුන් කළ යුතුයි! නැත්නම් රට පුරා කොරෝනා පැතිරෙයි!

December 17, 2020 at 11:15 am | by emanisa.lk

බස්නාහිර පළාතේ ජීවත්වන පුද්ගලයින් සංචරණය සම්බන්ධයෙන් ස්වයං විනයක් ඇති කර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේ එසේ නො වුණහොත් කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්ත විය හැකි බවයි.

මේ අතර යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ රටේ පවතින කොවිඩ් තත්ත්වය අනුව ගතයුතු ඉදිරි තීරණ පිළිබඳව එළඹෙන 22 සහ 23 යන දිනවල දැනුම්දෙනු ඇති බවයි.

දැනට පවතින තත්ත්වය අනුව නිරෝධායන ඇඳිරි නීතිය යෙදවීමට හෝ හුදකලා කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවද ඔහු කියා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *