ජවිපෙ හා සජබ යනු විසඳුම නොව ප්‍රශ්නයයි. ගෝඨාභය ආණ්ඩුව වසංගතයෙන් මිනිස් ජීවිත බේරාගෙන ඉදිරියට එන විට, දුර්වල ව තිබූ ආර්ථිකය තවත් දුර්වල වූ අතර, ඉහත පක්ෂ දෙක ම කළේ ප්‍රශ්නය විසඳීමට සහාය වීමට එරෙහිව ජනතාව කුපිත කිරීමයි.
මෙය අන් කිසිදු රට සිදු නොවූ දෙයකි. ලංකාවට වඩා දරුණු ආර්ථික අර්බුද පැමිණි මැලේසියාව, තායිලන්තය වැනි රටවල විපක්ෂය කළේ එය බලය ලබා ගැනීම සඳහා අවස්ථාවක් කර ගැනීම නොව, අර්බුදයෙන් ගොඩ ඒමට පැවැති ආණ්ඩුවට සහාය දීමයි.
ඒ අනුව, මෙවන් නාස්තිකවාදි පක්ෂ කිසිදු දිනක තම බලලෝභය වෙනුවෙන් මිස, රට වෙනුවෙන් කටයුතු නොකරන බවට උදාහරණය අනන්තවත් තිබේ.
යුද්ධය දිනාගෙන එන විට ජවිපෙය එදා ආණ්ඩුවෙන් ඉවත් වන්නේ ද, ඔවුන්ට අවශ්‍ය වූ දෙය මහින්ද හරහා සිදු නොවුණ නිසාය.
එනම්, මහින්ද යුද්ධයෙන් පරාජය වන පසුබිමක, වෙනත් විකල්ප නැති තැන තම ඔඩොක්කුවට බලය වැටේය යන තක්සේරුව වැරදී යාමයි.
මහින්ද පතිරණ