සේපාල අමරසිංහ අපේ හතුරෙක්..! ඔහු මිතුරු වෙසින් අපට වළ කපනවා..! – හඳුන්නෙත්ති…

January 6, 2023 at 6:19 pm | by emanisa.lk

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී මාතර දිස්ත්‍රික්කය පමණක් නොව සමස්ත රට ම ජාතික ජන බලවේගය දිනවන බව සුනිල් හඳුන්නෙත්ති පවසයි.

පොහොට්ටුව, එජාපය හෝ සජබ ගැන කිසිවෙකු කතා නොකරන බවත් මුළු රට ම කතා කරන්නේ ජාජබ ගැන බවත් හෙතෙම පෙන්වා දෙයි.

මේ වන විට ජාතික ජන බලවේගයට එරෙහිව දැඩි මඩ ප්‍රචාරණ ජාලයක් ක්‍රියාත්මක බවත් පිරිසක් සිය පක්ෂයට කැමති බව පෙන්වා මිතුරු වෙසින් එය පරාජය කිරීමට කටයුතු කරමින් ඇතැයි ද ඔහු සඳහන් කරයි.

අනුර දිසානායක ජයග්‍රහණය කර ආණ්ඩුවක් පිහිටුවා ඒ යටතේ ආගම ඇදහීමට නොදෙන බව ප්‍රකාශ කරමින් ආගම්වලට දළදා මාළිගාවට ගරහන්නේ එවැනි මිතුරු වෙසින් සිටින සතුරුන් බවයි, හඳුන්නෙත්ති ප්‍රකාශ කළේ.

මේ පුද්ගලයින්ගේ හඬ ඔවුන්ගේ වුව ද අඬුපඬු විහිදී ඇත්තේ සිය පක්ෂයේ සතුරන් දෙසට බවට ද ඔහු චෝදනා කළේය.

එම සතුරු බලවේග තමන්ට පහර දෙන්නට දෙන්නට ජනතාව තමන් වටා ඒකරාශී වන බවත් ඊළඟ මැතිවරණයේ දී තමන් ජයග්‍රහණය කරවීමට ජනතාව සූදානමින් බවත් සුනිල් හඳුන්නෙත්ති වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *