බලය ලබා ගන්න බොරු පොරොන්දු දෙන්නේ නෑ..! – ජනපති…

March 13, 2024 at 5:04 pm | by emanisa.lk

රටේ ආර්ථිකය පිළිබඳ සත්‍ය අවබෝධ කර නොගෙන බලය ගැනීමට දුන් දේශපාලන පොරොන්දු නිසා ජනතාවට දැඩි පීඩා විඳින්නට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එම වරද කරන්නට තමා සූදානම් නැතැයි කී ජනාධිපතිවරයා, සත්‍යයට මුහුණ දෙමින් රටට සුබවාදී අනාගතයක් ගොඩනගා ගැනීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව ද කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි යුනයිටඩ් යූත් තරුණ එකමුතුව ‘තරුණ අපේ අනාගතය’ නමින් සංවිධානය කළ සුහද හමුවට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ රටේ ආර්ථිකය ගොඩනැගීමේදී කඩිනමින් අපනයන ආර්ථිකයකට යොමු විය යුතු බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *