බයියෝ වැඩ්ඩෙක් කියල හිතුවට ගෝඨා පුස්සෙක්! පශ්චාත් කොරෝනා අර්බුදයට ජනපතිට විසඳුම් නෑ! – මරික්කාර්

August 25, 2020 at 12:49 pm | by emanisa.lk

කොරෝනාවලින් පසුව ඇතිවී තිබෙන අර්බුද විසඳීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සතුව කිසිදු වැඩපිලිවෙළක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් සඳහන් කරයි.

එහෙත් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන බයියන් හිතන්නේ ජනාධිපති මාර වැඩ්ඩෙක් ලෙස බවද ඔහු පැවසීය.

නමුත් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය තනිකරම පුස්සක් බවත් මන්ත‍්‍රිවරයා පැවසීය.

ලෝකයම කොරෝනා අර්බුදය මුහුණ දී තිබෙන තත්ත්වයකදී ඉදිරි කාල සීමාව පශ්චාත් කොරෝනා තත්ත්වය යටතේ මුහුණදිය හැකි ආකාරයක් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නොමැති බවත් ඊට ඔහු පෙන්වා දෙයි.

මරික්කාර් මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස