ත්‍රස්තවාදී ක්‍රියා වෙනුවෙන් සැකපිට අත්අඩංගුවට ගත් කිසිවකු වෙනුවෙන් පෙනී නොසිටීමට බදුල්ලේ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් තීන්දු කර තිබේ.
මුදලට ඕනෑම අපරාධකරුවකු වෙනුවෙන් නිතීඥයන් පෙනී සිටින බවට නැඟුණු චෝදනා පුස්සක් කරමින් රටේ ආරක්ෂාව සහ සාමය වෙනුවෙන් බදුල්ලේ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් එළැඹි තීන්දුව ජනතාවගේ නොමද ප්‍රසාදයට හේතු වී තිබේ.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී කණ්ඩායමේ සාමාජිකයන් සහයකයන් සහ අන්තවාදීන් මේ දිනවල රට පුරාම අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දියත් කර තිබේ.