තමා බදුල්ලේ සිට නැවත ගම්පහට පැමිණෙන්නේ බදුල්ලේ ජනතාව සමග තරහකට නොවන බව හරීන් ප්‍රනාන්දු පවසයි.
තව දුරටත් පොඩි දිස්ත්‍රික්කවල සිරවී සිටිය නොහැකි බවත් අවු. 60න් තමා දේශපාලනයෙන් සමු ගන්නා බවත් හෙතෙම අවධාරණය කරයි.
ඉතිරි වසර 18 තුළ හොඳ ගේමක් ගැසීමට සූදානම් බවත් බදුල්ලේ දී ශෂීන්ද්‍ර පරාජය කළ තමා ගම්පහ දී බැසිල් රාජපක්ෂට අභියෝග කරන බවත් හරීන් ප්‍රනාන්දු පවසයි.
මෙම සටනට පාර්ලිමේන්තු අසුන වැදගත් නැති හෙයින් තමා ජාතික ලැයිස්තුවෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවත් රංජන් රාමනායක පාර්ලිමේන්තුවේ සිටිය යුතු ම බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
ගම්පහ වත්තල සිය මෙහෙයුම් කාර්යාල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (01) එකතු වෙමින් හරීන් ප්‍රනාන්දු මේ බව කීය.