බදියුදීන්ට දිවි ඇති තුරා හිරේ ළඟින්න වෙන හැඩ…! ඉෂාලිනී ඝාතන නඩුවටත් පැටලෙයි….!

August 23, 2021 at 4:33 pm | by emanisa.lk

ඉෂාලිනි ජූඩ් දැරිය පිළිස්සුම් තුවාල සහිතව මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයේ 5 වන සැකකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නම්කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සිව්දෙනා ලබන සැප්තැම්බර් 06 වන දා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

ඒ එම නඩුව අද (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමෙන් අනතුරුවය.

රිෂාඩ් බදියුදීන් මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරයේ පසුවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *