හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ තිබු CCTV කැමරා 16 ක් පරීක්ෂා කළ ද ඉෂාලිනි දැරිය ගිනි තබාගත් බව කියන දර්ශන හා ගින්න නිවු බව කියන දර්ශන එහි කිසිදු CCTV කැමරාවක සටහන් වී නොතිබූ බව පොලිසිය කියයි.
දැරියගේ සිරුරින් ගිනි දැල් හටගෙන තිබෙන අන්දම කුස්සිය ආසන්නයේ දැක නිවැසියන් විසින් නිමා දැමු පසු ඇය නිවස ඉදිරිපිට පොකුණක් දෙසට දිවගොස් මද වේලාවක් එහි බැස සිට බවට ප්‍රකාශවලින් හෙළි වු බවත්, එම පොකුණ ඇති ස්ථානයේ CCTV කැමරාව ක්‍රියා විරහිත වී ඇති බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉහත ස්ථානයේ කැමරාව ක්‍රියා විරහිත වීම සම්බන්ධයෙන් පොලිසිය රිෂාඩි බදියුදීන්ගේ බිරිඳගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට පත් වීම නිසා කැමරාව අලුත්වැඩියා කිරීමට නොහැකි වු බවත්, ඔහු නොමැති නිසා පිටස්තර කාර්මිකයන් කිසිවකු නිවස වෙත කැඳවුයේ නැති බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළ බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම නිවසේ කැමරා 16 සවිකර තිබුණ ද සිද්ධිය වන අවස්ථාවේ එහි ක්‍රියාත්මක ඇත්තේ කැමරා 14 ක් පමණක් බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.