ඉෂාලිනී ගිනි තබාගත් බව කී වෛද්‍යවරයා රටින් පනී…! සෙසු සියලු වෛද්‍යවරු ඔහුගේ ප්‍රකාශය ප්‍රශ්න කරයි….!

August 9, 2021 at 11:09 pm | by emanisa.lk

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ ගිනි ඇවිලී මරුමුවට පත් ඉෂාලිනී ජූඩ් දැරිය සිය දිවි නසා ගත්තේ ද අත්වැරදීමකින් ගිනි ගත්තේ ද කිසිවෙකු ගිනි තැබූවේ ද යන්න පිළිබඳ බරපතළ සැකයක් ඇතැයි අතිරේඛ සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ පවසයි.

මෙම දැරිය ගේ පිටුපස කාමරයේ සිට ගිනි ඇවිලී නිවස ඉදිරිපිට පොකුණ වෙත පැමිණි බව සඳහන් කළ ද එහි දී ගෙයි කිසිදු තැනක ගිනි ගත් බවට සලකුණක් නොමැති බව ද ඔහු පෙන්වා දී තිබේ.

අදාළ දැරිය ගිනි තබා ගෙන මිය ගියේ යැයි පාපෝච්චාරණයක් කළේ යැයි කී බවට සටහනක් යෙදූ වෛද්‍යවරයා මේ වන විට විදෙස්ගතව ඇති බවත් අදාළ සටහන ඉදිරියේ සෙසු සියලු වෛද්‍යවරුන් ප්‍රශ්නාර්ථ සලකුණක් යොදා ඇති බවත් දිලීප පීරිස් අනාවරණය කළේ ය.

මේ අතර විමර්ශන නිලධාරීන්ට කට උත්තර ලබා දෙමින් රිෂාඩ් බදියුදීන් පවසා ඇත්තේ නිවසට පැමිණෙන අයගෙන් දැරිය ආරක්ෂා කර ගැනීම සඳහා ඈ නිවස පිටුපස කාමරයෙහි රැඳවූ බව ය.

කෙසේ වුව ද මෙම නිවසේ සේවය කළ සෙසු මෙහෙකාරියන්ගේ කට උත්තර අනුව රිෂාඩ්ගේ බිරිඳගේ දැඩි වධ හිංසාවලට ඔවුන් ලක්ව ඇතැයි අනාවරණය වන බව ද අතිරේඛ සොලිසිටර් ජනරාල් අධිකරණය හමුවේ හෙළිදරුව් කළේ ය.

මෙහෙකාර දැරියගේ මරණය පිළිබඳ නඩුව අද (09) අධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *