බදියුදීන්ගේ ගෙදර දැරිය මරා දමලා…! ඈ දූෂණය කළෙත් ඒ නිවසේමයි…! පොලිස් පරීක්ෂණ ගැන සැකයි…!

July 21, 2021 at 11:11 pm | by emanisa.lk

ඩයගම ප්‍රදේශයේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට ගෙන ඉෂාලිනී කිසිදු දිනයක දෙමාපියන්ට බැලීමට ඉඩ ලබා දී නැතැයි එක්සත් මානව හිමිකම් සංවිධානය පවසයි.

සිය දියණිය රැගෙන විත් මාස 10කට අධික කාලයක් ගත වුව ද ඒ කාලය තුළ ඈ බැලීමට හතර වතාවක් කොළඹ පැමිණිය ද ඒ කිසිදු අවස්ථාවක දියණිය බැලීමට ඉඩ නොදුන් බව ඇගේ මව පාපෝච්චාරණය කර ඇතැයි එහි අධ්‍යක්ෂිකා ප්‍රණිතා වර්ණකුලසූරිය අවධාරණය කරයි.

සිය දියණිය දූෂණය කර ඇත්තේ රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ බවට ද ඇගේ මව චෝදනා කරන බවත් මෙය ඝාතනයක් හෝ සිය දිවි නසා ගන්නා තැනට පත්කිරීමක් බවත් ඇය පෙන්වා දෙයි.

මෙම සිද්ධිය පිළිබඳ පොලිසිය තොරතුරු ලබා නොදෙන බව ද පරීක්ෂණ යට ගැසීමට උත්සාහ කරන බවට ද ඈ චෝදනා කරයි.

පසුගිය සමයේ දැරියක් ගණිකා වෘත්තියේ යෙදවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ ප්‍රාදේශීය සභා උප සභාපතිවරයෙකු සම්බන්ධ බවට චෝදනා කළ විපක්ෂය පවා සිය මන්ත්‍රීවරයා නිසා මේ සිද්ධිය පිළිබඳ නිහඬ බව ඇය පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *