බදියුදීන්ගේ ළාබාල මෙහෙකාරියගේ මරණයට වගකිව යුත්තේ ඔහුගේ පක්ෂේ මන්ත්‍රීවරු….!

July 29, 2021 at 4:03 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 3/4ක් සිටින්නේ ආණ්ඩුවේ බව සමගි ජන බලවේගය පවසයි.

එම මන්ත්‍රීවරුන් 20 වන සංශෝධනයේ දී මෙන් ම උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය අවස්ථාවේ ද සහය දුන්නේ ආණ්ඩුවට එම පක්ෂයේ හර්ෂණ රාජකරුණා අවධාරණය කරයි.

සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ බාල වයස්කාර මෙහෙකාර තරුණියක් අභිරහස් ලෙස ගිනි ඇවිළී මරුමුවට පත්වීම පිළිබඳ මාධ්‍ය විමසූ විට ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස