රිෂාඩ්ගේ ගෙදර දැරිය සිය දිවි නසාගෙන….! සිද්ධිය දේශපාලනීකරණය හෙළා දකිනවා….! – සමගි ජන බලවේගය…

July 22, 2021 at 2:04 pm | by emanisa.lk

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දැරියක් සිය දිවි නසාගැනීමේ සිද්ධිය මාධ්‍ය ඔස්සේ දේශපාලනීකරණය කිරීම හෙළා දකින බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

ජාතිවාදී අරමුණකින් තවත් පිරිසක් මෙම සිදුවීම භාවිත කිරීමට සූදානම් වන බවට ද රංජිත් මද්දුමබණ්ඩාර චෝදනා කරයි.

මෙම සිදුවීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීමක් බවත් වැරදි තොරතුරු සමාජගත වීම වැළැක්වීමට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බවත් මහ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *