බටහිර වෛද්‍යවරුන්ට එරෙහිව දේශීය වෛද්‍යවරු නඩු මඟට…!

November 28, 2021 at 11:34 pm | by emanisa.lk

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආයුර්වේද හා දේශීය ප්‍රතිකාරවලට දිගින් දිගට ම අකුල් හෙළමින් සිටින හෙයින් එම සංගමයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව දේශීය හා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ස්වාධීන එකමුතුව කියයි.

කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසුව ඇති වන අතුරු ආබාධ සඳහා අයුර්වේද හා හෙළ වෙදකම් තුළින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකියාව ඇති බවත් ඒ සඳහා පැවැත් වූ සායනවලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බාධා පැමිණ වූ බවත් දේශීය හා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ස්වාධීන එකමුතුවේ කැඳවුම්කරු සුමුදු ලියනාරච්චි හෙළි කළාය.

දේශීයත්වයට තැන ලබාදිය යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා මාධ්‍යයට අදහස් දැකු වුව ද දේශීය හා අයුර්වේද ප්‍රතිකාර සඳහා ඔවුන් බාධා පමුණුවන බව ද ඔහුගේ දෙබිඩි ප්‍රතිපත්තිය හෙළිදරුව් වන බව ද ඇය කීවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *