කොවිඩ් කාඩ්පතට හිමි තැන ආයුර්වේද හැඳුනුම්පතටත් දෙන්න…! – රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි….

August 23, 2021 at 3:21 pm | by emanisa.lk

පොදු ස්ථානවලට යාමේ දී කොවිඩ් මර්දන එන්නත ලබා ගත් කාඩ්පතට හිමි වලංගුභාවය කොවිඩ් මර්දන එන්නත් නොගත් ලියාපදිංචි පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ හැඳුනුම්පතට ද ලබා දෙන ලෙස දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි රජයෙන් ඉල්ලයි.

ලියාපදිංචි පාරම්පරික හා ආයුර්වේද වෛද්‍යවරුන් ලංකාවේ 20, 000ක් පමණ සිටින බවත් කොවිඩ් මර්දන එන්නත නොගත්ත ද පොදු ස්ථාන වෙත යාමේ දී ඔවුන්ගේ ආයුර්වේද වෛද්‍ය හැඳුනුම්පත අවසර පත්‍රයක් ලෙස පිළිගන්නේ නම් එය මහත් අස්වැසිල්ලක් බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

රට පුරා ආයුර්වේද රෝහල් 12ක කොවිඩ් ආසාදිතයින් 4603 දෙනෙකු ප්‍රතිකාර ලබන බවත් ඒවායේ ප්‍රතිකාර ලැබූ කිසිවෙකු මරුමුවට පත් නොවූ බවත් ඔහු අවධාරණය කරයි. එම රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංකූලතා ඇති වුවහොත් බටහිර වෛද්‍යවරුන්ගේ සහාය ලබා ගන්නා බවත් ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස