වරාය නගරයේ භූමියේ අයිතිකරු රජය බවත් වෙන කිසිවකුට භූමිය දුන්නේ යැයි කීම සම්පූර්ණයෙන්ම බොරුවක් බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසයි.
වරාය නගර ව්‍යාපෘතියේ චීන සංවර්ධන සමාගමට අයත් භූමි කොටස බදුදීම සඳහාත් ශ‍්‍රී ලංකා රජයේ අනුමැතිය අවශ්‍ය බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සඳහන් කරයි.
වරාය නගර ආර්ථික කොමිසමේ නීතිමය තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා ඊයේ (18) උදේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය.
“ලෝකයේ ආයෝජකයෝ බලන දර්ශක 2ක් තියෙනවා. ව්‍යාපාර කරන්න වඩාත් සුදුසු රටවල් කොහෙද කියලා බලනකොට අපි ඉන්නේ 99 වන ස්ථානයේ. ඒ කියන්නේ තවත් රටවල් 98ක් පහුකරලා අපි එන්න ඕනේ. ඒ වගේම ගිවිසුමක් සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතු වුණාම අධිකරණ ක‍්‍රියාවලියට ගියාම අපි ඉන්නේ 165 වන ස්ථානයේ.
ඒ නිසා අලුත් ක‍්‍රමවේදයක් හඳුන්වා දෙන්න ඕනේ ආයෝජකයා ලබාගන්න. මේ ආයෝජන කලාපයේ සම්පූර්ණ ප‍්‍රමාණය හෙක්ටයාර 269යි. හෙක්ටයාර 91ක් පොදු පහසුකම් සඳහා. ඒවා දෙන්න බෑ. හෙක්ටයාර 116ක් (43%ක්) ව්‍යාපෘති සමාගමට.
2013 ඔවුන් තමයි බිලියන 1.4ක් වියදම් කරලා මේක දියුණු කළේ. නැත්නම් අපිට තාම තියෙන්නේ මුහුදෙ කොටසක් විතරයි. සියයට 23ක් රජයේ කොටස්. හැබැයි මේ 100%ම රජයට අයිති. රජය තමයි අයිතිකාරයා. වෙන කාටවත් භූමි භාගයක් දුන්නා කියන එක සම්පූර්ණයෙන්ම බොරු.