පොළොන්නරුව හදන්න වැලි මෛත්‍රී සොහොයුරන්ගෙන්….!

February 22, 2021 at 7:20 am | by emanisa.lk

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා 2018 සහ 2019 යන වසර දෙකේ දියත් කෙරුණු වැඩපිළිවෙළට අවශ්‍ය වැලිවලින් වැඩි කොටස සපයා ඇත්තේ හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ සහෝදරයන්ට අයත් සමාගම්වලින් බව ජාතික විගණන වාර්තාව මගින් හෙළිදරව් කර ඇත.

මෙම සංවර්ධන ව්‍යාපෘති සඳහා වැලි සැපයීමට ආයතන තුනක් ඉදිරිපත් වී ඇති අතර ඒ අතරින් සමාගම් දෙකක් හිටපු ජනාධිපතිවරයාගේ සහෝදරයන්ට අයත්ය.

මෙම වැලි ලබාගෙන ඇත්තේ මනම්පිටිය ප‍්‍රදේශයේ වැලි නිධිවලිනි. එහෙත් එකල පොදු ජනතාවට නිවසක් තනා ගැනීම සඳහා පවා වැලි ලබා ගැනීම අතිශය දුෂ්කර වූ අතර වැලි මිල අධික ලෙස ඉහළ ගියේ ය.

කෙසේ වුවද අනුර දිසානායක සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා සිය සොහොයුරාට මනම්පිටිය ප්‍ර දේශයට යාම පවා තහනම් කර ඇති බවත් ගියහොත් දණින් පහළ වෙඩි තබන්නට පොලිසියට අණ දී ඇති බව ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *