පොහොට්ටු මහා බලකොටුවක් පෙරළෙයි…! බද්දෙගම සමූපකාරේ බලයත් සජබෙට…!

February 20, 2022 at 1:59 pm | by emanisa.lk

ගාල්ල, බද්දේගම ආසනයේ වඳුරඹ කොට්ඨාසයේ සමුපකාරයේ බලය සමගි ජන බලවේගය විසින් හිමිකර ගනු ලැබීය.

පොදුජන පෙරමුණේ බලකොටුවක්ව පැවැති මෙම සමුපකාරය කාරක සභිකයින් 88කගෙන් සමන්විතය. පැවැති ඡන්දයේ දී සමගි ජන බලවේගයට එහි කාරකසභිකයින් 48 දෙනෙකුගේ බලය හිමි විය. පොදුජන පෙරමුණට දිනාගත හැකි වූයේ කාරක සභිකයින් 40ක් පමණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩන්ගොඩ නියෝජනය කරන්නේ බද්දේගම ආසනය වන අතර එහි සමගි ජන බලවේගය සංවිධායකවරයා වන්නේ බන්දුලාල් බණ්ඩාරිගොඩ ය.

මීට පෙර නිවිතිගල සමූපකාරයේ බලය අත්පත් කර ගැනීමට ද සමගි ජන බලවේගය සමත් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *