පාර්ලිමේන්තුවේ කටයුතු ජංගම දුරකථන මාර්ගයේ පටිගත කළ නොහැකි බවත් පොහොට්ටු මන්ත්‍රීවරුන් කළබල වුයේ ඒ නිසා බව ද කථානායක මහින්ද යාපා පවසයි.
“පාර්ලිමේන්තු සභාව තුළ සිදුවන දේ ජංගම දුරකථන සහ විද්‍යුත් උපකරණ භාවිතයෙන් පටිගත කිරීම සහ ඒවා සමාජ මාධ්‍ය වෙත මුදාහරීම කිසි විටත් නොකළ යුතුයි. මින්ඉදිරියට එසේ කරන මන්ත්‍රීවරුන්ට විරුද්ධව දැඩි පියවර ගන්නා බව අවධාරණය කරමි.”
විනාඩි දහයකට කල්තැබු පාර්ලිමේන්තුව යලි ආරම්භ කරමින් කථානායකවරයා පසුගියදා (21) මේ බව කීවේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ආර්ථික ඝාතකයින් පිළිබඳ නඩු තීන්දුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් සිටි අතර එයට විරුද්ධව පොහොට්ටු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇති කළ අතර නලීන් බණ්ඩාර එය සජීවීව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබිණි.