පොහොට්ටුවේ ජනප්‍රියත්වය ඉවරයි..! හැකි නම් පළාත් සභා මැතිවරණය ජයගනු! – ශ්‍රිලනිපයෙන් අභියෝගයක්…

March 5, 2021 at 5:55 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි නම් පළාත් සභා මැතිවරණය පවත්වා ජයගෙන පෙන්වන්න ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් නායක රොෂාන් ගුණවර්ධන අභියෝග කරයි.

එහිදී ඔහු චෝදනා කර සිටියේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය තම පක්ෂයේ සහාය ද සහිතව ජයග්‍රහණය කර දැන් ඒ ගැන කිසිදු තැකීමක් නොකර පොදුජන පෙරමුණ කටයුතු කරන බවයි.

ඔහු වැඩිදුරටත් අනාවරණය කර සිටියේ මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් හෝ ජනාධිපතිවරයා මුණ ගැසීමට පවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන්ට නොහැකි වී ඇති බවයි.

එසේ ම ජනාධිපතිවරණය හෝ මහා මැතිවරණය පවත්වන විට පොහොට්ටුවට තිබූ ජනප‍්‍රියත්වය අද වන විට නැති වී ගොස් ඇති බව ද ඔහු අවධාරණය කළේ ය.

අන්තර්ජාල නාළිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *