පොහොට්ටුවේ අය රනිල්ට රට හදන්නේ දෙන්නේ නෑ,..! – වෙල්ගම…

September 26, 2022 at 1:41 pm | by emanisa.lk

රාජපක්ෂලා පිළිබඳ ජනතාව තීන්දුවක් ගෙන අවසන් බව නව ලංකා නිදහස් පක්ෂයේ සභාපති කුමාර වෙල්ගම පවසයි.

ඔවුන්ට දැන් ඡන්ද 69 ලක්ෂයක් නොව නව ලක්ෂයක් තිබේ ද යන්න පවා තමන්ට සැක බවයි, හිටපු අමාත්‍ය වෙල්ගම ප්‍රකාශ කළේ.

ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය නොදෙන ලෙස සටන් කළ එක ම පුද්ගලයා තමා බවත් තමන්ට හොඳින් ඉදිරිය පෙනෙන බව ඉන් තහවුරු වන බවත් ඔහු සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට ඉදිරියට ගෙන යනු ඇතැයි මුලින් විශ්වාස කළ ද පොහොට්ටුව ඊට ඉඩ නොදෙන බව ද හෙතෙම කීය.

ඉදිරියේ දී වමේ සන්ධානයක් හැදීමට සාකච්ඡා කරන බවත් වම භේද වූ කිසිම අවස්ථාවක බලය ලැබීම නොමැති බවත් කුමාර වෙල්ගම පෙන්වා දුන්නේ ය.

හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.ඇල්. පීරිස්ගේ නිවසේ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *