පොලිසිය පියුමිල නිරෝධායනයට ගෙන යද්දී මානුෂිකව සැලකුවේ නෑ….! පොලිස් ඇමැති අමතා පැමිණිලි කිරීම නීත්‍යානුකූලයි…! – පියුමි සහ චන්දිමාලගේ නීතීඥ….

June 5, 2021 at 7:44 pm | by emanisa.lk

චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලිගේ නීතීඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන සිය ෆේස්බුක් පිටුවේ තබන ලද සටහනකි.

“දේශපාලනිකව මම සරත් වීරසේකර ඇමති සමග නෑ. ඒත් ගරු සරත් වීරසෙකර ඇමතිතුමාට යම් පිරිස් ද්වේශ සහගතව චෝදනා එල්ල කරන බවක් පෙනෙන නිසා මා මෙය පලකරමි.

චන්දිමාල්ගේ උපන්දින අදාළ ව ෂැංග්‍රිලා හෝටලයේ සාදයක් පැවැත්වූ බවට පැවරූ නඩුවේ සිදුවීමක් අල්ලා ගරු ඇමතිතුමාට එරෙහිව සමාජ මාධ්‍ය සහ විවිධ තැනැත්තන් අසත්‍ය චෝදනා සිදුකරන අතර එතුමා මෙම සිදුවීමට මැදිහත්වුවේ මාගේ සහ චන්දිමාල්ගේ ඉල්ලීමට බවත්, එය මා නීතීඥවරයෙකු ලෙස නීතියට අනුව කරන ලද ඉල්ලීමක් බවත් ප්‍රකාශකර සිටිමි.

මාගේ සේවාදායකයන්ට ගරු අධිකරණය ඈප ලබාදීමක් සිදුකරන ලද අතර ඉන්පසු පොලීසිය ඔවුන් නිරෝධායනයට යවිය යුතු බවට තීරණය කර කොටුව පොලීසියට රැගෙන යන ලදි. ඒ අවස්තාවේ පොලීසිය මාගේ සේවාදායකයන්ගේ මූලික අවශ්‍යතා ගැන හෝ සොයා බැලීමක් නොකරන ලදි.

එනිසා මා පොලීසිය භාර ඇමතිතුමාගෙන් ඉල්ලීම කරන ලද්දේ අවම පහසුකමක්වත් නොමැතිව මාගේ සේවාදායකයන් නීරෝධානයනයට ගෙනියන බවත්, අවශ්‍ය අවම පහසුකම් ලබාදීමට කියා කරන ලෙසත්, අවශ්‍ය ඇදුම් සහ අනෙකුත් ද්‍රවය රැගෙන යාමට අවස්ථාව දෙන ලෙසත් ය. (ඇමතිතුමාට කතාකරල ඉල්ලන්න සිදුවුනේ පොලීසිය මාගේ ඉල්ලීමට ක්‍රියා නොකල නිසා).

ඇමතිතුමා මාගෙ ඉල්ලීමට ඒ අවස්තාවේ ක්‍රියාකල බවත්, ඒ අවස්තාවේ බස් රථයේ සිටි මාගේ සේවාදායිකාවක් වන පියුමි හංසමාලි අය අය ගැරු ඇමතිතුමාට සම්බන්ධ කර දුන්නේ මා බවත්, ඇමතිතුමාට අසත්‍ය මඩ ප්‍රචාර සිදුකිරීම ද්වේශ සහගත් බවත් මා කියා සිටිමි.

චන්දිමාල් ජයසින්හ සහ පියුමි හන්සමාලි ඇතුළු මාගේ සේවාදායකයන්ට සිදුවූ අපහසුතා ගැන මා සරත් වීරසේකර ඇමතිතුමාගෙන් නීත්‍යානුකූලව කරන ලද ඉල්ලීමට නීතියට අනුව ක්‍රියාකරන ලද ගරු ඇමතිතුමාට සිදුවූ අපහසුතා ගැන කනගාටුවෙමි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස