පියුමි හංසමාලී ගෙදර ගියේ පොලිස් ලොක්කගේ උදව්වෙන්….?

June 4, 2021 at 10:23 am | by emanisa.lk

පසුගිය 30 වෙනිදා චන්දිමාල් ජයසිංහගේ උපන් දින සාදයට එකතු වූ පියුමි හංසමාලී ඇතුළු පිරිස පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මුදාහැර ඇත්තේ පිරිස නිරෝධායනයට යැවීමට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා නියෝග කර තිබූ පසුබිමක බව වාර්තා වෙයි.

පොලිසිය අධිකරණයෙන් ඒ සඳහා අවසර ඉල්ලුව ද අධිකරණය ඒ සඳහා තමන්ට බලයක් නොමැති බව ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වුව ද පසුගිය 02 වෙනි දා පිරිස නැවත නිරෝධායනයට යොමු කිරීමට පොලිසිය කටයුතු කළේ ය.

ඒ සඳහා කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් යම් සහයෝගයක් ලැබුණේ ද යන්න පිළිබඳ මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *